FCID නීති විරෝධීයි එහි ක්‍රියාකාරිත්වය පිලිගන්න බෑ.. ආණ්ඩුවේ කැබිනට් ඇමති ප්‍රසිද්ධියේ හිරු ‘සලකුණ’ට කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

FCID නීති විරෝධීයි එහි ක්‍රියාකාරිත්වය පිලිගන්න බෑ.. ආණ්ඩුවේ කැබිනට් ඇමති ප්‍රසිද්ධියේ හිරු ‘සලකුණ’ට කියයි..

රජයේ නිලධාරින් විසින් යම් වරදක් හෝ චක්‍රලේඛන උල්ලංඝනය කිරීමක් සිදු කොට ඇත්තම් ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය පරිපාලන නිතිය අනුවයි. 

එමෙන්ම ඒ සඳහා මූලික පරීක්ෂණයක් රජයේ පරිපාලන අංශවලින් නොපවත්වා ඒ සඳහා පොලිසිය විමර්ශන සඳහා මැදිහත් වීම පිලිනොගන්නා බවත් ආපදාවකදි හෝ වෙන කාරණාවකදි සොරකමක් සිදු වී නැත්නම් පොලිසිය ප්‍රශ්න කිරීම සුදුසු නොවන බවත් අවශ්‍යනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මුදල් අමාත්‍යාංශයට ඒ සඳහා මැදිහත්ව කටයුතුකලව ඇතත් පොලිසිය මැදිහත් වීම ප්‍රශ්නයක් යයි ද ආපදා කළමනාකරණ පිලිබඳව යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය අනුර ප්‍රිය දර්ශන යාපා මහතා ඊයේ රාත්‍රියේ හිරු රූපවාහිනියේ “සලකුණ” වැඩසටහනට සහභාගි වෙමින් පැවසිය.

එහිදි මාධ්‍යවේදි රංගන විසින් වර්තමානයේ ආණ්ඩුව විසින් විශේෂ පොලිස් අපරාධ විමර්ශන මර්ධන ඒකකය පිහිටුවා රාජ්‍ය නිලධාරින් පසුගිය රජය සමයේදි චක්‍රලේඛන අභිබවා හදිසි අවස්ථාවන් වල දේශපාලන නායකත්වය ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කොට අමාරුවේ වැට් ඇති බැවින් රාජ්‍ය නිලධාරින් තම අභිමතය පරිදි හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වීමට මැලි කමක් දක්වනවා නේද? 


එසේ වන්නේ ඊලග ආණ්ඩුවක් යටතේ ඔහුනට දැඩුවම් ලබාදීමට පොලිසිය හරහා ක්‍රියා කරයි නේද විමසු විට අමාත්‍යවරයා කෙලින්ම පැවසුවේ දැනට ක්‍රියාත්මක වන FCID එක, එනම් විශේෂ පොලිස් අපරාධ විමර්ශන මර්ධන ඒකකය නීත්‍යානුකූල ආයතනයක් නොවන බවයි.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad