ගයන්තට මඩ ගහන්න වජිරගෙන් කෙසෙල් ගෙඩි සෙල්ලමක්! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

ගයන්තට මඩ ගහන්න වජිරගෙන් කෙසෙල් ගෙඩි සෙල්ලමක්! (Exclusive)

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ රුව රැගත් කෙසෙල් ගෙඩි සහිත ඇසුරුමක් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට බෙදා හරින බවට පළවූ ජායාරූපය පසුගිය දිනවල සමාජජාලා වල දැඩි කතා බහට ලක්විය. නමුත් ගයන්ත කරුණාතිලක මහතාට මඩ ගැසීමේ අරමුණින් එම කෙසෙල් ගෙඩි සහිත ඇසුරුම නිර්මාණය කර ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන බව තොරතුරු අනාවරණය වී තිබේ.

සාමාන්‍යයෙන් ගයන්ත කරුණාතිලක මහතා මෙවැනි පහත්පෙලේ දේශපාලනයක් නොකරන බව සියලු දෙනාම දන්නා කරුණක් බැවින් කෙසෙල් ගෙඩි සෙල්ලම කුමන්ත්‍රණයක් බව මුල සිටම පැහැදිලිව දක්නට ලැබුනි. එමෙන්ම විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දැනුවත් කිරිම් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජනතාවට කරනලද දැනුවත්කිරීම් මත ආපදාවයන්ට පත්වූ ප්‍රදේශවල ජනතාවට බෙදා දීම සඳහා එක්රැස් කර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදෙන ලද ආධාර ද්‍රව්‍ය තමන්ගේ නම සහිත ඇසුරුම්වල දමා බෙදාදීමට ස්වදේසශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අමතරව විවිධ මාධ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සිසුන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල ජනතාව ආදී ලෙස විවිධ ආකාරයෙන් ලැබුණු ද්‍රව්‍ය මෙලෙස වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් තම නම සහිත ඇසුරුම්වල බහා ලබා දෙමින් සිටියි. මෙම ද්‍රව්‍ය ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මගින් ගාලු දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වූ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු මගින් එම ප්‍රදේශවල ග්‍රාමනිලධාරීවරු මාර්ගයෙන් බෙදාදීමට සැලසුම් කර තිබියදී අමාත්‍යවරයා සිය දේශපාලන බලය යොදවමින් මෙලෙස දේශපාලන ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

මෙම එක් ඇසුරුමක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් පහක මුදලක් වැය වී ඇති අතර මෙවැනි ඇසුරුම් විසිදහකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව පැවසේ. ඒ අනුව අඩුම තරමේ රුපියල් ලක්ෂයක මුදලක් මෙම ඇසුරුම් මුද්‍රණය කිරීම සඳහා අමාත්‍යවරයා විසින් වැය කර තිබේ. බොහෝවිට එම රුපියල් ලක්ෂයක මුදලද ස්වදේශකටයුතු අමාත්‍යාංශය මගින් ගෙවන්නට ඇතැයි සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි විගණක වාර්තාවකින් දැනගැනීමට හැකි වනු ඇත.



Source :  harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad