පසුගියදා ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශයට පත් කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප‍්‍රදේශයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (05) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී විනාශයට පත් නිවාස සහ දේපළ නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය විසින් එම ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ශ‍්‍රමදාන වැඩසටහන සඳහා ද එක් විය.
යුද හමුදා සාමාජිකයින්ගේ සහ චීන සහන කණ්ඩායමක දායකත්වයෙන් මෙම ශ‍්‍රමදාන වැඩසටහන පැවැත්වෙයි.
පාහියන්ගල කන්ද නාය ගොස් නාගහදොළ ගංගාව අවහිරවීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයන් නිසා නාගහදොළ ප‍්‍රදේශවාසීන්ට මෙම ගංවතුර තර්ජනයට මුහුණදීමට සිදු වූ අතර එම ස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ද දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
එමෙන්ම පස් කඩාවැටීම හේතුවෙන් අවහිර වූ නාගහදොළ ගඟ නැවත පිළිසකර කිරීම පිළිබඳව ද කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
ආපදාවට ලක්වූ පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම ජනතාවගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් කටයුතු කරන ලෙස දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
ප‍්‍රදේශයේ විනාශයට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකරදීම සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර නැවත පදිංචි කිරීම් සඳහා එම ඉඩම් සුදුසු බවට නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු එම පදිංචි කිරීම කඩිනම් කිරීමට ද ජනාධිපතිවරයා දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.
අනතුරුව බුලත්සිංහල, යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පැවති පීඩාවට ලක්වූ ජනතාව සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීමේ වැඩසටහන සඳහා ද ජනාධිපතිවරයා එක් විය.
ප‍්‍රදේශයේ ආපදාවට ලක්වූ 1650 දෙනෙකු වෙනුවෙන් මෙම ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කෙරුණු අතර එය සංකේතවත් කරමින් දහ දෙනෙකු වෙත ද්‍රව්‍යමය ආධාර බෙදාදීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
No comments:
Post a Comment