කොල්ලුපිටිය වෙරළෙන් හමුවූ වෙන්නප්පුවේ යුවතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

කොල්ලුපිටිය වෙරළෙන් හමුවූ වෙන්නප්පුවේ යුවතිය

වෙන්නප්පුව, චාල්ස් විලියම් මාවතේ පදිංචි මේරියන් ඉරේෂා නමැති 25 හැවිරිදි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වනවා. පසුගිය 15 වන දා ඇය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ අමතර පංතියක් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා කොළඹ යන බව පවසමින්.

පසුව එදින පස්වරුව වන තෙක් ඇය නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් වෙන්නප්පුව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති  අතර 17 වන දා කොල්ලුපිටිය වෙරළ තීරයේ දී ඇගේ මළ සිරුර හමුව තිබෙනවා. දෙමව්පියන් පවසන්නේ තම දියණියට දිවි නසා ගැනීමට තරම් හේතුවක් නොතිබූ බවයි. මෙම මරණය කෙසේ සිදු වීද යන්න සිතාගත නොහැකි බවත් ඔවුන් පවසා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad