සිංහයෙක් මුවෙකුට ආදරය කරනවා දැක්කොත් ඔබ පුදුම වෙයි (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

සිංහයෙක් මුවෙකුට ආදරය කරනවා දැක්කොත් ඔබ පුදුම වෙයි (PHOTOS & VIDEO)

ආදරය කියන්නේ විශ්ව භාෂාවක් ඒ විශ්ව භාෂාව ඇතුලේ අපිට අපූරු සිදුවීම්  දකින්න පුළුවන්. මේ කතාවත් ඒ වගේ හරි අපුරු කතාවක්. මේ ගැන අපිට ආරංචි වෙන්නේ දකුණු අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවේ කෘග ජාතික වන උද්‍යානයේ ජිවත් වෙන සිංහ ධේනුවකගේ අපූරු ආදරයක්. 45 හැවිරිදි ග්‍රෑම් මිග්ලි කියන ගුරුවරයා තමන්ගේ ආදරණිය බිරිද සමග මේ කෘග වන උද්‍යානයේ සංචාරයක නිරත වනවා.

ඒ අතරතුරේ තමන්ගේ කැමරා කාචයට මේ අපූරු සිදුවීම අත්පත් කරගන්න මිග්ලි යුවලට පුළුවන් වෙනවා. ඒ  වන උද්‍යානයේ ජිවත් වෙන සිංහ ධේනුවක් මුව පැටියෙක්ව  ආදරයෙන් ලං කරන් ඉන්නවා.මිග්ලි යුවල විදෙස් මාධ්‍යට නම් කියල තිබ්බේ මෙම  දර්ශනය ඔවුන්  දුටු පළමු අවස්තාවේ මේ  පැටවා සිංහ පැටවෙක් කියලා සිතන්නට වුනා කියලා. පසුව මේ ඉන්නේ මුව පැටියෙක් කියල දැනගත්තම ඔවුන් මහත් පුදුමයට පත් වුනා කියලයි ආරංචි.


ඒ යුවල වැඩිදුරටත් කියල තිබුණා ඒ  සිංහ ධේනුව පොඩි වෙලාවකට පසුව එම මුව පැටියාව රැගෙන නොපෙනී ගිය බවක්, කොහොම වුනත් ඔවුන්ගේ කැමරා කාචයට අත්පත් කරගෙන තිබුණ රුප රාමුවෙ නම් දකින්න ලැබෙන්නේ අසීමිත ආදරයක්.




No comments:

Post a Comment

Post Bottom Ad