කොළඹ කැත කරන කල්ලියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

කොළඹ කැත කරන කල්ලියක්

මේ වන විට කොළඹ නගරය පුරා කුණු කඳු දැකිය හැකි බවත් එම කුණු නිවාසවලින් බැහැර කරන බවක් දක්නට නොලැබෙන අතර සංවිධානාත්මකව කොළඹ නගරය අපිරිසිදු කිරීම සඳහා එලෙස කසළ බැහැර කර ඇති බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා පවසයි.

ඊයේ 19 කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. මේ අතර කුණු කසළ වෙන් නොකර ලබා දීම විශාල ගැටළුවක් වී ඇති බවත් ජනතාවගේ මෙම ක්‍රියාවලියට සහයෝග දැක්වීම සඳහා කුණු කසළ වෙන් කර ලබා දෙන ලෙස නාගරික කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි. එලෙස නොකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

දින තුනක් ඇතුළත වැටලීම් සිදු කර ඇති බව හා අද  දින17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ. එමෙන්ම මේ දිනවල මාධ්‍ය තුළින් යුද හමුදා නිලධාරින් විසින් කුණු ඉවත් කිරීමට යොදවා ඇති බවට වැරදි අවබෝධයක් සමාජයට ලබා දී ඇති බවත් කිසි විටෙකත් හමුදා නිලධාරින් කුණු ඉවත් කිරීම සඳහා යොදා නොගන්නා අතර එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට පමණක් ඔවුන් සම්බන්ධ කර ගන්නා බව ද කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේය.

කොළඹ කුණු ඉවත් කිරීම සඳහා හොඳ ශක්තියක් හා හැකියාවක් කොළඹ මහනගර සභාවට පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad