ඥාණසාර හිමි මීළඟ ජනපතිවරණයට - සැලසුම හෙළි වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

ඥාණසාර හිමි මීළඟ ජනපතිවරණයට - සැලසුම හෙළි වේ

මැතිවරණ කාලය ලං වීමත් සමඟම ගලබොඩඅත්තේ ඥාණසාර හිමි ලවා අලුත්ගම සිද්ධිය වැනි සිද්ධි වාර්තා කොට මහින්ද රාජපක්ෂට පක්ෂපාති බව පෙන්වා එමඟින් මහින්ද රාජපක්ෂගේ මුස්ලිම් ජන්ද විශාල ප්‍රමාණයක් නැති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු දේව නානායක්කාර මහතා පවසයි.

මෙය එජාප කුමන්ත්‍රණයක් බවත් එජාප නායකයන් කණ්නාඩියකින් බැලූ විට ඥාණසාර හිමියන්ගේ රූපයක් පෙනෙන බවත් අත්අඩංගුවට ගැනීම ගැලවිජ්ජාවක් බවත් ඒ මහතා සඳහන් කළේය. මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඥාණසාර හිමියන් පැමිණෙන බව පුවත්පත් වාර්තා කර ඇති බවත් ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධියක් ලබා දී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සැලසුම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad