ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කිරීමට සුසන්තිකා තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කිරීමට සුසන්තිකා තීරණය කරයි

ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ආර්ථික ගැටලු හේතුවෙන් තම ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක්‌ කලක්‌ ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්‌තුව වන ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය පෙන්වා දුන්නාය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

"එදා මම ක්‍රීඩා කරන කාලයේත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විවිධ බලපෑම් ආවා. ඒත් මම ඒවාට නොසැලී කටයුතු කළා. අදත් මට ඒ අමාත්‍යාංශයෙන් බලපෑම් එනවා. උපදේශිකාවක්‌ හැටියට මම මගේ යුතුකම් හරියට ඉටු කළා. දැන් මගේ වැටුපත් කපා දාලා. මේවා අසාධාරණයි. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. ඒ අයවත් මම ජීවත් කරවන්න ඕනෑ. ඒ නිසා මම තීරණයක්‌ ගත්තා. මගේ ඔලිම්පික්‌ පදක්‌කම විකුණලා හරි සල්ලි හොයාගන්න"

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙන දෙමින් 2000 වසරේදී ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි ඔලිම්පික්‌ තරගාවලියේදී සුසන්තිකා ලෝකඩ පදක්‌කමක්‌ දිනාගත් අතර එහිදී රන් පදක්‌කම දිනූ මේරියන්ස්‌ ජෝන්ස්‌ ක්‍රීඩිකාවට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව සනාථ වූ නිසා සුසන්තිකා හට රිදී පදක්‌කම පිරිනමනු ලැබුවාය.“

 

No comments:

Post a Comment

Post Bottom Ad