රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස අලුතින් පත්ව සිටින ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනට ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය අමත්‍යාංශයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවනු ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට හේතු වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන විෂය සඳහා අලුතින් රාජ්‍ය ඇමැතිවරයකු පත්කළ විට වෙනම අමාත්‍යාංශ ලේකම්වරයකු සහ ඒ යටතේ අවම වශයෙන් රාජ්‍ය නිලධාරීන් 20 දෙනකුගෙන් යුත් පරිපාලන කාර්ය මණ්‌ඩලයක් ඊට ඇතුළත්වීම බව එම ආරංචි මාර්ග පැවසී ය.
එරාන් වික්‍රමරත්න මහතා කලින් සිටියේ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස බැවින් එවැනි ඉඩකඩ ප්‍රශ්නයක් මතු නොවූ බවත් වාර්තා වේ. මේ නිසා රාජ්‍ය අමාත්‍යාංශ ස්‌ථාපිත කිරීමට රාජ්‍ය ව්‍යවසාය කැබිනට් අමාත්‍යාංශය පරිශ්‍රය තුළ ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව බලපා ඇති බව ද අමාත්‍යවරයා පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට ද ඉඩකඩ සලසා දිය යුතුව තිබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අනුව ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයාට සිය අමාත්‍යාංශය සඳහා වෙනත් ස්‌ථානයක් ලබාදෙන්නේද යන්න ගැන අද (05) තීරණයක් ගැනීමට නියමිතය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම අමාත්‍යාංශයට හිමි කාර්යාල පරිශ්‍ර නොලැබුණු බැවින් ඇමැති ලක්‍ෂ්මන් යාපා මහතා අද ද වැඩ භාර නොගෙන මාතරම රැඳී සිටිනු ඇති බවයි. මේ ප්‍රශ්නය ගැන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ද දැනුවත් කර ඇතැයි පැවසේ.

No comments:
Post a Comment