බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

බිරිය යනතුරු සිට දුවට අතවර කළ නීති පීඨයේ කථිකාචාර්යවරයා රිමාන්ඩ්

බිරිය නිවෙසේ නොසිටි අවස්ථාවන්හිදී සිය අට (08) හැවිරිදි දියණියට වරින්වර බරපතළ ලිංගික අතවරයන් කළ බව කියන කොළඹ

විශ්වවිද්‍යාලයේ නීතිපීඨ කථිකාචාර්යවරයකු වන පියා බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. අධිනීතිඥයකු බව කියන මේ සැකකාර කථිකාචාර්යවරයා 43 හැවිරිදි වියේ පසුවන අතර බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිය පියාගෙන් කාලයක සිට ලිංගික අතවර සිදුවන බවට දියණිය තම මවට පවසා තිබේ. මව මේ ගැන පොලිසියට කළ පැමිණිල්ලක්‌ විමර්ශනය කිරීමෙන් පසු සැකකාර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අතවරයට ලක්‌ වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

මීට සති දෙකකට පමණ ඉහතදී ආසන්න සිදුවීම නැවත සිදුවූ බවත් මව නිවෙසේ නොසිටින අවස්ථාවන්හිදී ඔහු මෙම අපරාධය සිදුකරන බවත් ඇය දන්වා ඇත. අත්අඩංගුවට ගත් කථිකාචාර්යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad