ගංවතුර මැද තිස්සමහාරාමයේ
මැණික් ඉල්ලමක් පෑදිලා
ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර
විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
පසුගියදා ගංවතුර හේතුවෙන් පස් සේදීයාමට ලක්වීමෙන් පසු තිස්සමහාරාමයේ සඳුන්ගම මැණික් පාලම අසළ මැණික් ඉල්ලමක් මතුව ඇතැයි වාර්තාවේ. එම ස්ථානයේ අලුතින් බෝක්කුවක් සැදීමට වලවල් කපමින් සිටින පිරිසක් මුල්වරට මැණික් ගල් කැබලි පස් අතර තිබෙනු දැක ඇති අතර එක්වරම එය දුටු අය බෝක්කු සෑදිම අතහැර මැණික් අහුලන්නට හා ගරන්නට පටන්ගෙන තිබේ.
මෙම ඉඩම රජය සතුවන්නනක් වන අතර ආසන්න කුඹුරේ අයිතිය ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාට අයත් බවද පැවසිණි. මැණික් ඉල්ලම පෑදුණ ආරංචිය පැතිරයාමත් සමග ගංවතුර ආපදාවන් තත්ව ආධාර කිරීම් වැඩ සියල්ල අමතක කර අවට ප්‍රදේශවාසීන් මැණික් සොයන්නට හා ඉඩම බලන්නට පැමිණ ඇති බවත් ඇතැම් බලවතුන් විශාල පස් කුට්ටි රැගෙන වාහනවල පටවාගෙන පළාගොස් ඇති බවත් වාර්තා විය.
28 වැනිදා පෑදුණ මැණික් ඉල්ලම නිසා බෝක්කුව සැදීම තාවකාලිකව නවතා එම ප්‍රදේශයට ආරක්ෂාව ලබා දීමට කටයුතුකර තිබෙන බවද වාර්තාවේ. තිස්සමහාරාමයේ බෙරලිහෙල මාර්ගය ඔස්සේ සඳුන්ගමට පැමිණීමේදී හමුවන "මැණික් පාලම" අසල මෙම ඉල්ලම මතුව තිබෙන අතර එම පාලමට මැණික් පාලම යයි නම් තබන්නට මුල්ව ඇත්තේද පුරාණ කතාවකට අනුව එතැන මැණික් තිබූ නිසා බවද කියැවේ.
නමුත් ගංවතුර එනතුරු එහි මැණික් ඇති බවට මෑත ඉතිහාසයේ සාධක හමුවී තිබී නැත. මෙවැනි මැණික් ඉල්ලමක් මෙම ග්‍රාමයෙන් දක්නට ලැබුණු පළමුවැනි අවස්ථාව මෙය බවද ප්‍රදේශවාසීන් පවසා තිබේ.
Monday, June 5, 2017
Home
ඕපාදුප
ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment