පො‍සොන් පොහොය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

පො‍සොන් පොහොය අදයි

පො‍සොන් පොහොය අදයි
අනුබුදු මිහිදු හිමියන් වහන්සේ ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධින් රැසක් සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(08)ට යෙදී තිබේ. 

මිහිදු හිමියන්ගේ ආගමනයෙන් දෙවන පෑතිස් රජු ඇතුළු 40000 ක් පමණ පිරිසකට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම සිදුවූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය.
 
මෙම උතුම් දිනය සිහිපත් කරමින් අනුරාධපුරය සහ මිහින්තලය පූජා නගර කේන්ද්‍රකර ගනිමින් දහස් ගණන් සැදැහැවතුන් අද ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. දිවයින පුරා සෑම වෙහෙර විහාරස්ථානයක් ආශ්‍රිතවම දාන, ශීල, භාවනා වැඩසටහන් සහ දන්සැල්, බැති ගී ප්‍රසංග ඇතුළු බෞද්ධ ආගමික අංග රැසක් සංවිධානය කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad