රටපුරා ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරුන් යළි සේවයට බඳවා ගැනීමට රජය කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශ්‍රාම ගැනීමට නියමිත ග්‍රාම සේවා නිලධාරීන් දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ආපදා තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු සේවයේ තබා ගැනීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ස්‌ථාවර නියෝග යටතේ අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති වජිර අබේවර්ධන මහතා මෙසේද කීවේය.
“මැයි 30 වැනිදා දිනට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 1725 ක් තිබෙනවා. සැප්තැම්බර් මාසයේ විභාගය පැවැත්වූවා. පෙබරවාරි අග ප්‍රතිඵල සූදානම් කළා. එහෙත් ග්‍රාම නිලධාරි සංගම්වලින් සහ අනෙක් අය යෝජනා කළා රට පුරා වසම් 14022 ක ග්‍රාම නිලධාරින් සේවය කරද්දී විභාගයෙන් සියයට අසූවක් එන්නේ කාන්තාවන් බවත් ඒ නිසා සියයට පනහක් පිරිමි අයත් සියයට පනහක් කාන්තාවනුත් බඳවා ගන්න කියලා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වන නිසා පනහට පනහ ගැනීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළේ නෑ.“
“මේ ග්‍රාම නිලධාරි වසම් 14022 න් වසම් 5700 ක් පසුගියදා ආපදාවට ලක් වුණා. ඒ නිසා දිසාපතිලට දැනුම් දුන්නා විශ්‍රාම යන අය තවදුරටත් සේවයේ තබාගන්න කියලා. ඒ අයගේ සේවය තවත් මාස තුනකට දීර්ඝ කළා. ආපදා තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු. විභාග ප්‍රතිඵල අනුව බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. එවිට විශ්‍රාමික අයගේ සේවය ඉබේම අහෝසි වෙනවා.“ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා -
“ඔබතුමා විශ්‍රාමිකයන් බඳවා ගැනීමේ ලිපිය යවා තිබෙන්නේ අප්‍රේල් 27. ඒ මේ ගංවතුරට කලින්. කොහොමද කලින්ම දන්නේ ආපදා තත්ත්වයක් ඇතිවෙන බව? මෙතුමාට ඥනයක් තියෙනවා ගංවතුර ගැන. ඒ නිසා මෙතුමා සුදුසු ආපදා කළමනාකරණ අමාත්‍යංශයටයි. මෙතුමාගේ ඩොප්ලර් යන්ත්‍රය සවි කරලා තියෙන්නේ මෙතුමාගේ ඔළුවෙද කොහේද. එක් ලක්‌ෂ අසූ දාහක් විභාගය ලියුවා. විධිමත් බඳවා ගැනීමක් කරන්න.“
වජිර අබේවර්ධන මහතා -
“පළාත් පාලන මැතිවරණය කල් යාම නිසා කොට්‌ඨාසවල නිවැරදි තීන්දු තීරණ ගන්න කල්ගත වෙනවා. ඒ නිසයි කලින්ම ලිපි යෑව්වේ.“

No comments:
Post a Comment