පසුගියදා ලන්ඩන්වලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් දෙදෙනෙකුගේ තොරතුරු ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙකු පකිස්ථානයේ උපත ලැබූ 27 හැවිරිදි බුරාම් බට් වන අතර ඔහු නැගෙනහිර ලන්ඩනයේ බාර්කින්හී ජීවත්වන බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.ඔහු පිළිබද මීට පෙරද එරට පොලිසියේ සහ බුද්ධි අංශ අවධානය යොමුවී තිබුණද මේ ආකාරයට අන්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වලට කිසිදු තොරතුරක් ප්‍රහාරයට පෙර වාර්තාවී නෑ.
අනෙක් පුද්ගලයා වයස අවුරුදු 30 ක් වයසැති ලිබියානු සම්භවයක් ඇති රෂිඩ් රොඩොවුන්ය.ඔහුද නැගෙනහිර ලන්ඩනයේ බර්කින් ප්‍රදේශයේ ජීවත් වූවෙක්. තමන් පදවාගෙන ආ වෑන් රථයෙන්ම පුද්ගලයින් යට කරමින් පිහි ඇණුම් සිදු කරමින් ම්ලේච්ඡ ලෙස පුද්ගලයින් ඝාතනය කල මෙම දෙදෙනා සහ තවත් ජිහාඩ් ත්‍රස්තයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුවද ඒ වන විටත් ඔවුන් සාමාන්‍ය නිරායුධ වැසියන් 07 ක් මරු තුරුලට යවා 48 දෙනෙකුට තුවාල සිදු කර අවසන්.
ත්‍රස්තවාදින් පැමිණි රථය කුලී පදනම යටතේ ලබා ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වනවා. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමිය ත්‍රස්තයන් විසින් භාර ගෙන තිබෙනවා.
lankanewsalert.com
Wednesday, June 7, 2017
Home
එතෙර පුවත්
ලන්ඩනයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයන් මෙන්න …එක් අයෙකු පකිස්ථානුවෙක් …ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමිය ත්‍රස්තයන් භාර ගනී
ලන්ඩනයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයන් මෙන්න …එක් අයෙකු පකිස්ථානුවෙක් …ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමිය ත්‍රස්තයන් භාර ගනී
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment