ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන සේවකයින්ගේ මාස දෙකක පමණ වැටුප් මේ වන තෙක් ගෙවා නැති බව වාර්තා වෙයි. මාස ගණනාවක් තිස්සේම සංස්ථාව සේවකයන්ට පඩි ගෙවාගත නොහැකි තත්වයට පත්ව සිටින බවද සදහන් කරන සේවක පිරිස් මේ හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවද සදහන් කරති.
වත්මන් පරිපාලනය යටතේ ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමටද නොහැකි තරමේ තත්වයට ඇද වැටී ඇත. මසක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 60ක පමණ මුදලක් අවශ්‍ය වෙයි. මේ තත්වය යටතේදී මිහින්තලයේ පැවැත්වෙන උත්සවයක් සදහා රූපවාහිනී සංස්ථාව විසින් අති විශාල මුදලක් ලබා දීම ගැන සේවකයෝ මවිතය පල කරති. එමෙන්ම මාර්ග ආරක්ෂක හා පරිසර ව්‍යාපෘති වෙනුවෙන් මිලියන ගණන් නාස්ති කරන්නේ යයිද චෝදනා එල්ල වෙයි.
ලංකා සී නිවුස්
Wednesday, June 7, 2017
රූපවාහිනි සංස්ථාව බංකොලොත්.. සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment