හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්චචුවල් ට්‍රෙෂරීස් සමාගමට බැඳුම්කර මිලදී ගැනීමට ඉඩදීමෙන් දැවැන්ත වංචාවක් සිදුවූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 මැයි වාර්තාවෙන් පිළිගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක අනාවරණය කරයි.
2016 මහ බැංකු වාර්තාවෙන් ඒ බව පිළිගත්තද බැඳුම්කර ගනුදෙනුව හරහා මහ බැංකුවට සිදුවූ බිලියන ගණනක පාඩුව කොපමණද යන්න පැහැදිලිව හෙළි නොකර සිටින්නේ මන්දැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කරයි. මන්ත්‍රි බිමල් රත්නායක පවසන්නේ එකී වාර්තාව “කොළේ වසා ගැසීමක්” බවයි. වාර්තාවෙන් සඳහන් වන අන්දමට අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළ හරහා මිලට ගැනීමෙන් විශාල ලාභයක් උපයා ඇත.
කෙසේ වුවත් සිදුවූ වංචාව වැසීමේ වුවමනාව මහ බැංකුවට පවතින බව එම වාර්තාවෙන් නැවත ඔප්පු කර ඇතැයි ඒ මහතා පැවැසීය. 2016 මැයි මස නිකුත් වූ මහ බැංකු වාර්තාවේ පිටු අංක 272 සහ 273 හි “ලාභදායිත්වය සහ ප්‍රාග්ධනය” පිළිබඳ මෙසේ සඳහන්ව තිබේ. “ප්‍රාථමික අලෙවිකරුවන් වාර්තා කළ බදු පසු ලාභය, 2015 වසරේදී රුපියල් බිලියන 8.4ක් වූ අතර 2016 වසරේදී සියයට 72.6ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 14.6ක් විය.
මේ අසාමාන්‍ය වර්ධනය සඳහා එක් ප්‍රාථමික අලෙවිකරුවකු විසින් වාර්තා කරන ලද අධික ලාභය සෘජුවම බලපාන ලදී. රාජ්‍ය සුරැකුම්පත් අලෙවිය මඟින් ජනනය වූ ප්‍රාග්ධන ප්‍රතිලාභ මේ ලාභ ඉහළ යෑමට විශාල ලෙස දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත අංශය සඳහා වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය සහ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය සහ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන හිමිකම මත ප්‍රතිලාභ අනුපාතිකය 2015 වසරේදී පැවැති සියයට 3.7 සහ සියයට 42.7 සිට 2016 වසර අවසානය වනවිට පිළිවෙළින් සියයට 5.5 සහ සියයට 72.6 දක්වා ඉහළ ගියේය.
අනුරාධා හේරත්
– මව්බිම
Wednesday, June 7, 2017
බැදුම්කර හොරුන් මහා බැදුම්කර වංචාවක් කල බව මහ බැංකු වාර්තාවත් පිලිගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment