මාස් බෝඩිලයින් තම මෙහෙවර ඉටු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

මාස් බෝඩිලයින් තම මෙහෙවර ඉටු කරයි

පසුගිය දිනවල ඇති උණු අධික වර්ශාවත් සමග හටගත් ගංවතුර තත්වයෙන් බොහෝ පිරිස් පීඩාවට පත් උණා ඇතැමෙකුට ඉතුරි උණේ තම අඳිවත පමණයි . කඩා වැටුණු ඔවුන්ගේ ජීවිත යළි නගා සිටුවීමට,ඔවුන්ට ශක්තියක් වන්නට මාස් බෝඩිලයින් ආයතනය සිදු කල මෙහෙවර අගය කල යුතුයි .

රත්නපුර හා කලුතර දිස්ත්‍රික්ක වල පීඩාවට පත් වූ ජනතාව වෙත එම ආයතනයේ සියලු දෙනා දැඩි සහෝදරත්වයෙන් සමීප උණා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ වගවත්ත,පනංගල,අඳුරගල,නම්බපාන,කැකුලදල,කළුපහන සහ කලුතර දිස්ත්‍රික්කයේ නාත්තුපාන,උඩුවර,මදුරාවල,ගලපාත,කෙසෙල්ලෙනාව යන ප්‍රදේශ වල ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතා කඩිනමින් බෙදා දෙනු දක්නට ලැබුනා.ඒ සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ගේ ශ්‍රම දායකත්වයද ලැබීම දක්නට ලැබුනා

පිසූ අහාර,වියළි ආහාර,ඖෂධ ,පානීය ජලය සනීපාරක්ෂක ද්‍රව්‍ය ,වැනි භාණ්ඩ රැසක් ඔවුන් රැගෙන විත් තිබුණා. පීඩාවට පත් ජනතාවට ලබා දුන් ශක්තියට මාස් බොඩිලයින් ආයතනයේ විධායක අධ්‍යක්ෂ දිනේෂ් ද සිල්වා මහතා ඇතුළු සියලු කාර්යය මණ්ඩලයට ගෞරවනීය ආචාරය පුද කරන්නෙමු.

No comments:

Post a Comment

Post Bottom Ad