“කෙළෙහි ගුණ දන්නේ නෑ“ - සුසන්තිකාගේ කතාවෙන් පසු දයාසිරිගෙන් දැඩි තීන්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

“කෙළෙහි ගුණ දන්නේ නෑ“ - සුසන්තිකාගේ කතාවෙන් පසු දයාසිරිගෙන් දැඩි තීන්දුවක්

රට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් පදක්කම ලබාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් ඇය වෙනුවෙන් දරා ඇති බවත් ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් මසකට රුපියල් 1,35,000ක් ලබාදෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඇය කෙළෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කනගාටු වන බව ද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. පසුගියදා සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් තම පදක්කම අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ. යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad