හැටන් - කොළඹ මාර්ගය ගිලාබැසීමේ අවදානමක: මාර්ගය අසල ගොඩනැගිල්ලක් ගිලාබසී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

හැටන් - කොළඹ මාර්ගය ගිලාබැසීමේ අවදානමක: මාර්ගය අසල ගොඩනැගිල්ලක් ගිලාබසී

ගිනිගත්හේන, පේරගොල්ල ප්‍රදේශයේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක් වී ඇති බව වාර්තා වේ. ඊට පහළින් වූ නිවාස දෙකක පදිංචි පවුල් හයක් එම ස්ථානයෙන් ඉවත් කල බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් ආර්.ටී.පී.සුමනසේකර මහතා පැවසීය.

ඊයේ (06) පස්වරු 5.00 ට පමණ මෙම ගිලා බැසීම පටන් ගත් බවත් අද (07) අලුයම වන විට එම ගිලා බැසීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.එම ගිලා බැසීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක්ද ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති නිසා එම ගිලා බසින ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් මෙම ගිලා බැසීම ආරම්භ වී ඇත. මෙම ගිලා බැසීමට ලක් වූ ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දී ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.එමෙන්ම මෙම ස්ථානයේ රථවාහන ගමනාගමනය පාලනය කිරීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම රාජකාරී කටයුතු සඳහා ගිනිගත්හේන පොලීසියේ නිලධාරීන් යොදවා ඇත.  

(හැටන් - රංජිත් රාජපක්ෂ )

No comments:

Post a Comment

Post Bottom Ad