ශූරයන්ගේ කුසලානයේ කැන්ගරුවන්ගේ අවාසනාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ශූරයන්ගේ කුසලානයේ කැන්ගරුවන්ගේ අවාසනාව

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ “A” කාණ්ඩය යටතේ ඊයේ (05) පැවැති බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය වර්ෂාව ඇද හැලීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස අතහැර දැමුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 03 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු ‍182 ක් ලබා ගත්තා. එම ජයග්‍රාහි ඉලක්කය හඹා යමින් සිටි ඔස්ට්‍රේලියානු පිළ පන්දු වාර 16 ක් හමුවේ එක් කඩුල්ලක් දැවී ලකුණු 83 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා වුණා.  තරගය අතහැර දැමීම හේතුවෙන් දෙපිළටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.

තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය අතර පැවැත් වූ පළමු තරගයද පළමු තරගයද වර්ෂාව හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදුවුනා.

No comments:

Post a Comment

Post Bottom Ad