ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලීන්ට සැනසුම් සුසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලීන්ට සැනසුම් සුසුමක්

චැම්පියන්ස් කුසලාන-2017 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන මී ළඟ තරඟයේ දී කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් යළි පිතිකරුවකු මට්ටමින් පමණක් ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

ශාරීරික ආබාධයකට ලක්වීම නිසා පසුගිය සෙනසුරාදා (ජූනි 03) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුන තරඟය ශ්‍රී ලංකා නායකයාට අහිමි විය. මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන දෙවන තරඟය ජූනි අට වෙනිදා (ජූනි08) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයෙහි ඉන්දියාවට එරෙහිව පැවැත්වෙයි.

තරඟ දෙකක් තහනම් කරනු ලැබ සිටින උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙසත් නායක ඇන්ජලෝ මැතිව්ස් තම සුපුරුදු අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad