ලක්ෂ 5 ක් ඇප ගෙවාගන්න බැරිව කෝටි එකසිය හයක් වංචා කළ සක්විති නැවත හිරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

ලක්ෂ 5 ක් ඇප ගෙවාගන්න බැරිව කෝටි එකසිය හයක් වංචා කළ සක්විති නැවත හිරේ

රුපියල් කෝටි එකසිය හයක් වංචා කිරීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ නමැති අයට එරෙහි නඩුව ඊයේ දින කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ
සත්විති රණනසිංහට
ඇප නියම වුවද ඔහුට එය ගෙවාගත නොහැකිව ගැටලුවක් මතු විය.


විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණය විසින් නියමකළ ලක්ෂ පහක ඇප මුදල තම සේවාදායකයට ගෙවාගත නොහැකි නිසා ඇප මුදල අඩුකර දෙන ලෙසයි. නීතිපතිවරයා පවරා තිබු මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලියෙස්ටර් ජෙනරාල් වරයා පවසා සිටියේ වැඩි පොලියක් දෙන බව පවසා කෝටි එකසිය හයක් තරම් විශාල මුදලක් වංචා කරමින් සැඟවී සිටි පුද්ගලයෙක් සම්බන්ධව පනවා ඇති මුදලින් ලක්ෂ පහක් හා ශරීර අප 4ක ඇපය කිසිඳු හේතුවක් මත අඩු නොකළ යුතු බවකි.


නඩුව ලබන මස එකොලොස්වනදා තෙක් කල් තැබූ අතර මුදල් ගෙවාගන්නටය බැරිවීම නිසා අධිකරණය සක්විති රණසිංහට ඇප දීම ප්‍රතික්ශේප කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරයට යොමු කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad