කිසියම් අයකුගේ බාරයක් ඔප්පු කිරීම පිණිස ඉකුත් 02දා ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ
පිරිනිවන් මංචකයේ
බුද්ධ ප්‍රතිමාවේ සිවුරු පෙරවීමේ සිද්ධියක් වාර්තා විය.
පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් මෙලෙස අතුරා ඇත්තේ පුරාවිද්‍යා ආරක්ෂකයන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් හා පුරාවිද්‍යා පොලිසිය බලා සිටියදීය. වහාම එම කටයුත්ත වැළකීමට ඔවුන් කටයුතු කර තිබේ.
ගල් විහාර පුද බිම ලෝක උරුම ස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබියදී එහි පුරාවස්තුවලට හානි කිරීමක් හෝ එහි පවතින ස්වරූපය වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් සිදු කිරීම බරපතළ වරදක් බව බලධාරීන් යළි මතක් කර දෙයි. මීට මසකට පමණ ඉහත දී ද මෙවැනි ඇතිරිල්ලක් බුද්ධ ප්‍රතිමාවට පොරවා තිබියදී ඇමැතිවරයාගේ අවධානය යොමුවී එය ඉවත් කර තිබුණි.
Tuesday, June 6, 2017
බාර ඔප්පු කරන්න ගල් විහාරෙ පිළිමවලට සිවුරු පොරවලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment