ගෑස් මිල ඉහළට - මිල ගණන් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

ගෑස් මිල ඉහළට - මිල ගණන් මෙන්න

පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලිට්රෝ ගෑස් මිල ඉහල දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 50කින් ඉහළ නැංවීමට යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

'ලිට්රෝ' ගෑස් සමාගම පාඩු ලබන බව සඳහන් කරමින් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ඒ පිළිබඳ රජයෙන් ඉල්ලීමක් කොට තිබේ. 

ගෑස් වෙළෙඳ පොළ තුළ 72% ක ගෑස් ඒකාධිකාරියක් ලබා ගැනීමට සමත්ව සිටින ලිට්රෝ සමාගම 2015 – 2016 කාලයේදී රුපියල් බිලියන 6කට වැඩි ලාභයක් ලැබීමට සමත්ව ඇති බවද පැවසේ. මිල සූත්‍රය යොදාගනිමින් මෙම මිල වැඩිකිරීම් සිදුකර ඇතැයි වාර්තා වේ. වත්මන් රජයේ දින 100 ආණ්ඩුව ගෘහස්ථ ගෑස් මිල අඩු කළ අතර ඊට පසුවද තවත් රුපියල් 50කින් ගෑස් මිල අඩු කෙළේය. කිලෝ ග්‍රෑම් 12 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,346කි.

No comments:

Post a Comment

Post Bottom Ad