ඥනසාර හිමි සඟවා සිටින අයට පොලීසියෙන් රතු එළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 17, 2017

ඥනසාර හිමි සඟවා සිටින අයට පොලීසියෙන් රතු එළියක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඟවාගෙන සිටින පුද්ගලයන් හා එම හිමියන්ට ආරක්‌ෂාව ලබාදෙන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට, කටයුතු කරන බව පොලීසිය පවසයි.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා ඇති අතර ඉදිරි දින කීපය ඇතුළතදී කෙසේ හෝ එම හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක්‌ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඥනසාර හිමියන්ට එරෙහිව කොටුව අධිකරණය මගින් වරෙන්තුවක්‌ නිකුත් කර තිබිණි. ඥනසාර හිමියන් පිළිබඳ තොරතුරක්‌ වෙතොත් පොලිස්‌ මූලස්‌ථානයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම ඥනසාර හිමියන්ට ආරක්‌ෂාව ලබාදීමට ඉදිරිපත් නොවන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කර සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad