මේ අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව අසාද් සාලිගෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

මේ අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව අසාද් සාලිගෙන්..

” මේ අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව තමයි ඥානසාර ස්වාමීන් වහන්සේට ඇප ලබාදීම. නීතිය සියලු දෙනාට එක වෙන්න ඕන. සිංහල ජනතාවට බුදු හාමුදුරුවො කොතරම් වටිනවාද ඒ වාගේම මුස්ලිම් ජනතාවට අල්ලා දෙවියන්වහන්සේ, නබිතුමා ඒ වාගේම වටිනවා. ජාතීන් අතර ප්‍රශ්න ඇති නොකළ යුතුයි. අපි කවදාවත් බුදු හාමුදුරුවන්ට බනින්නෙ නෑ.”

අසාද් සාලි මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියට පැමිණ, ගංවතුරින් විපතට පත් මුස්ලිම් සිංහල දෙමළ ජනතාවට ආධාර බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් සාලි මහතා මෙසේ ප්‍රකාශ කලේය.

” ඥානසාර ස්වාමීන් වහන්සේට සිවුරක් ඇඳගෙන අල්ලා දෙවියන් වහන්සේට බනින්න බෑ. එසේ බැන්නම අපි ක්‍රියා කරනවා. නැතිනම් අපි අපේ ආගමට ළැදි නෑ කියන එකයි පේන්නෙ. ඒ නිසා මගේ මතය ප්‍රකාශ කරනවා. ඕනෑම උසාවියක යන්න මම සූදානම්. මට විරුද්ධව ඕනෑම කෙනකුට පැමිණිල්ලක් දාන්නත් පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම කෙනකුට විභාග කරන්න පුළුවන්. දැන් මම පැමිණිලි කරලා තියෙනවා. මගේ පැමිණිල්ලකට තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ ඇරස්ට් කරන්න යන්නෙ. ඒ වාගේම මට විරුද්ධව පැමිණිලි කළා කියලා මටත් ප්‍රශ්නයක් නෑ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළොත් ඇති.

මම කියන්නේ අල්ලා දෙවියන් වහන්සේ නබිතුමා කියන්නෙ අපේ ඇස් දෙක වාගේ. ඒකට විරුද්ධව කවුරු හරි ප්‍රකාශ කරනවා නම් අපි ඕනෑම තීන්දුවකට යන්න සූදානම්. අපි අවවාද කළ පළමුවැනි වතාව මේක කරන්න එපා කියලා. එක ස්වාමින් වහන්සේ නමක් මහානායක ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කියනවා සිවුරක් අඳින කෙනෙක් කියලා. සිවුරක් ඇඳගෙන හිටිය කියලා වැරැදි කරන්න බැහැ. සිවුරක් ඇඳපු මිනිහා අනික් මිනිහාට මඟ පෙන්වන්න ඕන. මේක තමයි හරි මඟ කියලා. සිවුරක් ඇන්ද කියලා ඔක්කොම කරන්න පුළුවන්කමක් නෑ. 

මම දේශපාලනය කරනවා කියලා මට ඔක්කොම කරන්න පුළුවන් ද? බෑ. හැම කෙනකුටම ක්‍රියා කරන්න පුළුවන් සීමාවක් තියනවා. ඒ සීමාව තුළ ක්‍රියා කරනවා නම් රට තුළ මේ වැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නීතිය පල්ලියේ පූජකතුමාටත් එකයි. ෆාදර්ටත්, ස්වාමීන් වහන්සේටත් එකයි. අසාද් සාලිටත් එකයි. නීතියේ ආධිපත්‍ය රැක ගන්න ඕන. මේ ආණ්ඩුව සාධාරණ එකක් නොවෙයි කියලා ජනතාව හිතන එක හොඳ නැහැ. අපි හදපු ආණ්ඩුව මේ වගේ ප්‍රශ්නයක් ඇති කරනවා නම් අපිට කනගාටුයි.”

No comments:

Post a Comment

Post Bottom Ad