” නාමල් රාජපක්ෂ රටේ නායකයා වෙනවට අපේ අකමැත්තක් නැහැ.”

” නාමල් රාජපක්ෂ මහතා මේ රටේ නායකයා වෙනවා නම් ඊට අපේ අකමැත්තක් නැහැ. එහෙත් ඒ වෙනුවෙන් මේ පක්ෂය විනාශ කළ යුතු නැහැ.”

සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාතදුම්බර ආසන ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමිනි. ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනු දැකීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහිවීම මගින් සිය පුතුන්ගේ දේශපාලන අනාගතය කෙටිකාලීන වශයෙන් සකස් නොවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ප්‍රථමයෙන් බිහිකොට පසුව සිය පුතුගේ දේශපාලන අනාගතය සකස් කර දීම හිටපු ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment