කටාර් රාජ්‍ය සමග සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.
ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවන බවට වූ චෝදනාව මත සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සමග පවත්වන ලද තානාපති සබඳතා මේ වන විට නවතා දමා තිබෙනවා. එමිරේට්ස්, එතිහාඩ්, සෞදි ඇරබියන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කටාර් රාජ්‍ය සමග වූ තම ගුවන් ගමන්ද නවතා දමා තිබෙනවා.
මෙම අර්බුදකාරී වතාවරණය තුළ අද දිනය තුළ දී Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50.21 දක්වා සහ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 47.90 දක්වා සියයට 0.5 බැගින් ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ 17 වැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා සහ OPEC සංවිධානයේ 9 වැනි විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන, කටාර් දේශයේ සැපයුම් අඩපණ වීම ලෝක තෙල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම දිනය තුළ පහළ ගොස් තිබේ.
Tuesday, June 6, 2017
තෙල් මිල යළි ඉහළ යන ලකුණු!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment