යූ ටියුබ් වලින් සල්ලි හොයන අය මාව මැරුවා - ශිහාන් මිහිරංග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

යූ ටියුබ් වලින් සල්ලි හොයන අය මාව මැරුවා - ශිහාන් මිහිරංග

පසුගියදා ගායක ශිහාන් මිහිරංග මියගිය බවට පැතිරුණ කටකතාව ගැන ඔහු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ.


ඩෙංගු නිසා ඔබ මියගියා කියලා ප්‍රචාරය කරලා තිබ්බා?

එහෙම දෙයක් වෙලා තිබුණා කියලා මට දැනගන්න ලැබුණා. ඒ පිරිස එහෙම ප්‍රචාරයක් කරලා තියෙන්නේ වාණිජමය අරමුණකින් කියලයි මම හිතන්නේ. අද යූ ටියුබ් කියන දෙයින් මුදල් හම්බකරගන්න පුළුවන් නිසා තමන්ගේ අම්මා තාත්තා මරලා උනත් ඒ දේ කරයි.

ඒ ගැන කලකිරීමක්ද තියෙන්නේ?



ඒ ගැන කොහොමත් සතුටු වෙන්න බෑ. මේ සිද්ධිය නිසා ලොකු හානියක් වෙනවා. මේ දේ දෙමව්පියෝ පවු‍ලේ ඥාතීන් දැකලා ඇත්ත දැනගන්නකම් ඉන්නේ ලොකු පීඩනයකින්. ඒ අය මුදල් හම්බ කරගන්න එහෙම කළාට මානසික වශයෙන් කරන හානිය ප්‍රබලයි. මගේ වයිෆ් ඒ දේවල් දරාගෙන හිටියා. මේ දේවල්වලට බලධාරීන් නිසි ප්‍රමිතියක් හදන්න ඕන කියලා හිතනවා.

No comments:

Post a Comment

Post Bottom Ad