මම දුන්නේ ලේබල් නැති බඩු මල්ලක් කෙහෙල් ගෙඩි පැකට් එක හදපු මඩක් -ගයන්ත සීඅයිඩීයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

මම දුන්නේ ලේබල් නැති බඩු මල්ලක් කෙහෙල් ගෙඩි පැකට් එක හදපු මඩක් -ගයන්ත සීඅයිඩීයට


මම දුන්නේ ලේබල් නැති බඩු මල්ලක්
කෙහෙල් ගෙඩි පැකට් එක හදපු මඩක්
-ගයන්ත සීඅයිඩීයට

ඇමති ගයන්ත කරුණාතිලකගේ ඡායාරූපය හා ගංවතුර ආධාර ප්‍රචාරණ වාක්‍ය සහිතව කෙසෙල් ගෙඩි හතරක් සහිත පොලිතින් පැකට්ටුවක ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පතුරුවා ඇත්තේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් බවත් මේ ආකාර ලේබලයක් නිර්මාණාත්මකව මුද්‍රණය කර තමන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් පතුරුවා හැරීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය බවත් කියමින් ඇමති ගයන්ත ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කර තිබේ.

කෙහෙල් ගෙඩි 4 සහිතව ෆේස්බුක් ජාලයේ පළවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලන අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මෙය, තමාට දේශසහගත ලෙස අපහාස කිරීමට කවුරුන් හෝ සිදුකරන ලද දෙයක් බව පවසා ඇත.තමා ඊයේත් නෙළුව හා තවලම ප්‍රදේශයන්ට ගංවතුර ආධාර බෙදීමේ වැඩසටහනේ සිටි බවත් තමා ගංවතුර ආධාර ලෙස ජනතාවට බෙදූ බඩුමල්ල රුපියල් 1,500කටත් වඩා වැඩි වටිනාකමින් යුත් බවත් ඒවාට ලේබල් නැති බවත් ඔහු පවසයි.

ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කෙසෙල් ගෙඩි හතරක් පෙන්වා ඡන්දයක් ජයගත නොහැකි බවද ඔහු කියා ඇත. ඇමතිවරයා මේ ගැන අද සිදුකරන ලිඛිත පැමිණිල්ලෙන් පසු මෙම නිර්මාණය කළ අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad