ඩෙංගු රෝගීන්ට ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වීම වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මෙම ඖෂධය ඩෙංගු රෝගීන්ට ලබා දීමේදී රෝගීන් මිය යන බවත් එසේ වන්නේ රෝගය හේතුවෙන්ද නැතහොත් ඖෂධය ලබා දීමෙන් ඇති වන ආසාත්මිකතාවක් හේතුවෙන් ද යන වග නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඩෙංගු මර්දන වැඩසටහනේ සම්බන්ධිකාරක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ආපදා කමිටුවේදී හෙලි කළ බව සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් එම ඖෂධය ප්‍රතික්ෂේප කර තිබියදීත් තවත් තොගයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව කමිටු රැස්වීමේදී හෙලි වූ බව වෛද්‍ය සොයිසා මහතා පැවැසීය. තත්ත්වයෙන් බාල ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා සැපයුම්කරුවෙකු පවා මේ වන විටත් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කර ඇති නමුත් තායිලන්තයේ නිෂ්පාදිත තත්තවයෙන් ඉහළ එම ඖෂධ ගෙන්වා ගෙන ඇත්තේ තානාපති කාර්යාල හරහා වීමද පුදුම සහගත තත්ත්වයක් බවද සංගමය පෙන්වා දේ.
කෙසේ නමුත් ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය මේ වන විටත් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බවත් ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධයෙන් 1000ක ප්‍රමාණයක් පමණක් බවද ආපාදා කමිටුවේදී හෙලි වූ බවත් ඉදිරියේදී මෙම ඖෂධය මෙරටට ගෙන්වන්නේ කුමන රටින්ද යන වග තම සංගමය විමසිල්ලෙන් පසුවන බවත් හෙතෙම අවධාරණය කළේය.
– Lakbima
Tuesday, June 6, 2017
Home
අනාවරණ
ඩෙංගුවලට ඉන්දියාවෙන් බාල බෙහෙත් තොග පිටින්.. නිර්දේෂ කිරීම වෛද්‍යවරු ප්‍රතික්‍ෂේප කරති..
ඩෙංගුවලට ඉන්දියාවෙන් බාල බෙහෙත් තොග පිටින්.. නිර්දේෂ කිරීම වෛද්‍යවරු ප්‍රතික්‍ෂේප කරති..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment