රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අද දස වද දෙනවා.. මහා පරිමාණ වංචා ගැන හිටපු හමුදාපතිගෙන් ප‍්‍රශ්න කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 8, 2017

රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අද දස වද දෙනවා.. මහා පරිමාණ වංචා ගැන හිටපු හමුදාපතිගෙන් ප‍්‍රශ්න කරයි..

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ වගයක් කපා ඉවත් කලාට මහා බරපතළ දූෂණ හා වංචා විමර්ශම් ජනාධිපති කොමිසම මගින් සාක්ෂියක් ලබාදීමට හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා ඊයේ දිනයේදී එම කොමිසමට කැදවනු ලැබිය.

එහිදි මාධ්‍ය විසින් ඔහුව ප්‍රශ්න කල අතර හිටපු යුද හමුදාපතිවරයා පිලිතුරු දෙමින් පැවසුවේ “අර නොබෙල් ත්‍යාගය දෙන පුද්ගලයා අද හිටියා නම් ඔහු ලංකාවට ඇවිත් ශ්‍රිලාංකිය සෙබලාට , රණ්විරුවාට දෙනවා ඉවසීම සහ දරා ගැනීම කියන එකට නොබෙල් ත්‍යාගයක්, එතරම්ම අපි අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. මහා විශාල යුද්ධයක් කොට මාතෘ භූමිය බේරාගත් අපට මේ වගේ දේවල්වලට සම්බන්ධ වීම හරිම කණගාටුයි, අපි විශ්වාස කරනවා මේවා හරි මාර්ගයට යොමුවෙයි කියලා ඉදිරියේදි” යන්නයි.


No comments:

Post a Comment

Post Bottom Ad