ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරියට වරෙන්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරියට වරෙන්තු

ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරියට වරෙන්තු
කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා කට්ටල මෙරටට ගෙන්වා ඒවා රෝගීන් අතරට භාවිත කිරීමට ඉඩ සැලසීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි යන චෝදනාව මත ජාතික ලේ බැංකුවෙහි හිටපු අධ්‍යක්ෂවරිය වන මංගලිකා බිංදුසාර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(07) වරෙන්තු නිකුත් කළේය.

ඇයට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීමට ගන්නා අවස්ථාවේදී ඇය අධිකරණයට නොපැමිණි අතර ඇයගේ නීතිඥවරයා පවසා ඇත්තේ ඇය අසනීපව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර ඇපකරුවන්ට අගෝස්තු 09 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad