මියන්මාර් හමුදා ගුවන් යානයක් අතුරුදහන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

මියන්මාර් හමුදා ගුවන් යානයක් අතුරුදහන්

පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් තිබු මියන්මාර හමුදා ගුවන් යානයක් අතුරුදන්වී තිබෙනවා.  මියෙක් සහ යැන්ගොන් අතර අන්දමන් මුහුදු ප්‍රදේශයේදී යානය අතුරුදන්ව ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

අද දහවල් 1.35 ට පමණ යානය සමග පැවති සබඳතා බැඳවැටුනු බව මියන්මාර ගුවන් ගමන් පාලක බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මේවන විට අතුරුදන් වු යානය සොයා නෞකා සහ ගුවන් යානා එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සඳහන්.  යානයේ ගමන් කළ පිරිස අතර මගීන් 115 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු වනවා.  

ගමන් කළ මගීන් හමුදා භටයන්ගේ ඥාතීන් පිරිසක් වන බවටයි අනාවරණ වී ඇත්තේ. යානය අතුරුදන්වු ප්‍රදේශයේ කාලගුණය ද යහපත් මට්ටමක පවතින බැවින් මෙය කාර්මික දෝශයක් හේතුවෙන් සිදුවුවක් බවට මියන්මාර බලධාරීන් සැක පළ කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad