බ්‍රිතාන්‍යයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සම්බන්ධව එරට අගමැතිනි තේරේසාමේ මහත්මිය ප්‍රකාශයක් කරමින් පැවසුවේ අපේ ඉවසීම හොදටම ඇති මීට වඩා ඉවසිය නොහැකි බවයි.
එමෙන්ම ඇය විශේෂ ප්‍රකාශයක් ඊයේ කරමින් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අවශ්‍ය නම් දැනට බ්‍රිතාන්‍යයේ තිබෙන මානවහිමිකම් නීති උල්ලංඝනය කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍යනම් දැනට තිබෙන නීති සංශෝධනය කිරීමට සුදානම් බවයි. එමෙන්ම 8 වෙනිදා පැවත්වෙන මැතිවරණය අවසන් වූ දින දෙකක් තුල වහාම එම නීති සංශෝධනය කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවයි.
බ්‍රිතාන්‍යයේ මැතිවරණයට ඇත්තේ තව දින දෙකකි. එනම් මේ මස 8 වෙනිදා මහා මැතිවරණය පැවත්වේ.මැතිවරණය ආසන්නව සුප්‍රසිද්ධ ලන්ඩන් බිජ් අසල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මෑතකදී එක පිට සිදු වු තෙවෙනි ප්‍රහාරයයි. මෙය බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට පැහැදිලිවම සාක්ෂි ලැබි ඇතයි බ්‍රිතාන්‍යය පොලිසිය පවසයි. එහෙත් එංගලන්තය වැසියන් පවසන්නේ මෙය අගමැතිවරියගේ දේශපාලන උපක්‍රමයක් බවත් ඒ හරහා ඇයගේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට හදන බවයි.
බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය වසරක ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසුව එසේ කියද්දි වසර 30 ක් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හැදින්වු දෙමළ කොටි ත්‍රස්තවාදීන් මර්දනය කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍යය ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රීලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය කල බව සඳහන් කරන අතර අපේ රටේ ත්‍රස්තවාදී මර්ධන පනත වහාම අකුලා ගෑනිමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රීලංකාවේ ආණ්ඩුවට ලබා දීම මොනතරම් ජුගුප්සාව උපදවන ක්‍රියාවක් ද? මේ සම්බන්ධව විදේශ රටවලින් මුදල් ලබාගෙන අපේ රටේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන ඉතා අසරණ වන බව මෙයින් ඉතා පැහැදිලිය.
Link
Wednesday, June 7, 2017
Home
එතෙර පුවත්
ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මානව හිමිකම් කඩන්න සූදානම්.. වහා නීති වෙනස් කල යුතුයි..- බ්‍රිතාන්‍ය අගමැතිනි තේරේසා මේ..
ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න මානව හිමිකම් කඩන්න සූදානම්.. වහා නීති වෙනස් කල යුතුයි..- බ්‍රිතාන්‍ය අගමැතිනි තේරේසා මේ..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment