අලි පැටවුන් පෙරහරට යොදා ගැනීම තහනම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

අලි පැටවුන් පෙරහරට යොදා ගැනීම තහනම් කරයි

අලි පැටවුන් පෙරහරට යොදා ගැනීම තහනම් කරයි
අධිකරණයේ නඩු පවතින අලි ඇතුන් පෙරහර සදහා ඉදිරිපත් කිරීම සිදුනොකරන බව තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. එසේම, ඉදිරියේදී වයස අවුරුදු 10ට අඩු අලි පැටවුන් කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර විථී සංචාරය කිරීම ලබන මස 29 වනදා ආරම්භ වීමට නියමිතයි. ජූලි මස 24 වනදා සිදුකෙරෙන කප් සිටුවීමෙන් පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බව මහනුවර ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.

ප්‍රථම කුඹල් පෙරහර ජුලි මස 29 වන දා ආරම්භවීමට නියමිත අතර, ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු මස 3 වන දා ආරම්භ කිරීමට නියමිතය.
අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 07 වන දා වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad