වෛද්‍යවරු දුරකතන බිලටත් ලෙඩ අදින හැටි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

වෛද්‍යවරු දුරකතන බිලටත් ලෙඩ අදින හැටි..

දුරකතන දීමනාව රුපියල් 1500කින් වැඩි නොකරන්නේ නම් මේ 25 වනදා සිට දැඩි වෘත්තී ක්‍රියාමාර්ග වලට යන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාව අනතුරු අගවා ඇත.

අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමු කරමින් එම ශාඛාවේ වැඩ බලන ලේකම් වෛද්‍ය තේජන සෝමතිලක දැනුම් දී ඇත්තේ උතුරු මැද පළාත් සෞඛ්‍ය කාර්යාලයේ හා පළාත් ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල හරහා ක්‍රියාත්මක වෙන සියලුම රෝහල්වල වෛද්‍යවරුන්ගේ දුරකතන දීමනාව රුපියල් 2500යේ සිට 4000 දක්වා වැඩි නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.


ඒ අනුව මෙම මස වැටුපට අදාළ රුපියල් 4000හේ දීමනා මුදල ඇතුළත් නොකළහොත් මෙම මස 25 වනදායින් පසුව අදාළ ක්‍රියාමාර්ග කරා ගමන් කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad