ගොවියාගෙන් කුණු කොල්ලයට මිලට ගන්නා වී අරක්කු ෆැක්‍ටරී වලට පටවයි ..පාරිභෝගිකයන්ට ගිණි ගාණට හාල් විකුණා මඩි තද කර ගනී … - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

ගොවියාගෙන් කුණු කොල්ලයට මිලට ගන්නා වී අරක්කු ෆැක්‍ටරී වලට පටවයි ..පාරිභෝගිකයන්ට ගිණි ගාණට හාල් විකුණා මඩි තද කර ගනී …

දේශිය සහල් මෙන්ම රට සහල් මිලද මේ වන විට වෙළද පොළ තුළ ඉහළ අගයක් ගෙන තිබෙනවා.ඇතැම් සහල් කිලෝවක මිල රු .100 ඉක්මවා ඇති අතර සහල් මිල කාලයක පටන් මේ ආකාරයට ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාවද දැඩි අසීරුතාවයකට පත්වී සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න පැවසුවේ අරක්කු සදහා වී භාවිතා කිරීම නිසා ගිණි ගාණට සහල් මිලට ගැනීමට පාරිභෝගික ජනතාවට සිදුවී ඇති බවයි.අරක්කු නිෂ්පාදනය සදහා සහල් ලබා ගැනීම සහල් මිල ඉහළ යෑමට බලපා ඇති බවයි ඔහු දිගින් දිගටම කියා සිටියේ.

“ගොවියාගෙන් තුට්ටු දෙකට තමා මේ වී මිළදී ගන්නේ.සම්බා වී කිලෝව රුපියල් 41 යි.නාඩු වී කිලෝවක් රු .38 යි සහතික මිල.රජය නියම කරපු.එතකොට මීටත් වඩා අඩු මිලට ගත්ත වී තමා රු .35 වැනි මිලට ගත්ත වී තමා ඔය මහා සමාගම් මේ වෙනකොට දැන් සහල් කරන්නේ.ඒ වී කිලෝව රු .70 ට වඩා අඩු මිලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන් සිල්ලරට.එහෙනම් ඇයි රජය මේ සදහා මැදිහත් වෙන්නේ නැත්තේ ?

දුක් විදලා මේ ගොවියා වී නිෂ්පාදනය කරන්නේ බත් කන්න මිස අරක්කු පෙරන්න නෙමේ.හැබැයි අද අපේ රටේ මේ වී හාල් පාවිච්චියට ගන්නවා අරක්කු සහ බියර් නිෂ්පාදනය කරන්න.සහල් සහ වී භාවිතා කරමින් බියර් නිෂ්පාදනය කරනවා නම් මතට තිත කියලා එක එක සංකල්ප දානවා නම් මොකක්ද මේකේ අරමුණ ? මේ හරහා වෙන්නේ හාල් මිල ඉහළ යන එක.

අරක්කු ෆැක්ටරි පසුගිය දවස්වල ජනාධිපතිවරුන්ගේ මැදිහත් වීමෙන් මාතලය දිස්ත්‍රික්කයේ විවෘත්ත කෙරුවා.එතකොට මහ බැංකු මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පෙෂුවල් ට්‍රෙෂරීස් සමාගම මඩකලපුවේ කල්කුඩාවේ අරක්කු ෆැක්ටරියක් හදන්න සියළු කටයුතු සංවිධානය කළා. ඒ ඉදිකිරීම් පවා සිදු කළා.ඇයි මේකට මඩකලපුවම තෝර ගන්නේ ? විශේෂයෙන්ම උතුරුමැද පළාත කියන්නේ නැගෙනහිර පළාත කියන්නේ ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය කරන පළාත.


එතකොට මේ වී අරගෙන අරක්කු නිෂ්පාදනය කරන්න තමා මේ අය සැලසුම් කරලා තියෙන්නේ. එතකොට මේ තත්වය තුළ රටේ හාල් හිගයක් ගැන කතා කරනවා. රු .100 ට වඩා වැඩි මිලකට හාල් කන්න පාරිභෝගිකයාට සිදු වෙලා තියෙනවා.අරක්කු සදහා වී පාවිච්චි කරනකොට ඒක බලපානවා පාරිභෝගිකයාට.මොකද හාල් හිගයක් ඇති වෙනවා.ඒ හරහා හාල් මිල ඉහළ යනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad