මේ දිනවල වෙළදපොළ තුළ එළවළු මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථානයට එළවළු තොග සැපයීම අඩු වී තිබෙන අතර ඒ නිසා උඩරට එළවළු තොග මිල සියයට 40 කින් පමණද පහතරට එළවළු තොග මිල සියයට 20 කින් පමණද ඉහළ ගොස් තිබෙනවා.
කැරට් ,ගෝවා ,බටු ,තක්කාලි ඇතුළු එළවළු රැසක මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
බෝංචි කිලෝව රුපියල් 140 ක්
අමුමිරිස් කිලෝව රුපියල් 400 ක්
මාළු මිරිස් කිලෝව රුපියල් 240 ක්
බටු කිලෝව රුපියල් 140ක්
තක්‌කාලි කිලෝව රු. 70
ගෝවා කිලෝව රුපියල් 110
කැරට් කිලෝව 270 තොග මිල ගණන් වැඩිවී තිබෙනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය නිසා එළවළු වගාවන් රැසකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර ඒ නිසා එළවළු මිල මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.
Sunday, June 4, 2017
එළවළු මිල හැටට හැටේ නගී …කැරට් 270 යි …අමුමිරිස් 400 …
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment