යාපනය පලෙයි ප‍්‍රදේශයේ දී පොලිස් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින්. යාපනය, උරුම්පිරායි ප‍්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි යාපනය ආරක්ෂක අංශ සඳහන් කළේ. යාපනය, පලෙයි, කච්චාර්වේල් ප‍්‍රදේශයේ දී පොලිස් මෝටර් රථයකට ඉකුත්දා මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.
ටී - 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කළ බවටයි යාපනය ආරක්ෂක අංශ සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරන බව යාපනය ආරක්ෂක අංශ සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.
Sunday, June 4, 2017
මෙහෙයුම සාර්ථකයි - පොලිස් රථයට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment