ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා - තුෂානි ද සිල්වා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා - තුෂානි ද සිල්වා


කෙටි කලක් ඇතුළත නිර්මාණ රැසකටම රංගනයෙන් දායකවීමට තුෂානි ද සිල්වාට අවස්ථාව ලැබුණා. මේ දිනවල විකාශය වන ලව් යූ බොස් ටෙලි සිතුවමේ ටෙක්ලා ලෙසින් ද ඇය ඔබ හමුවීමට සූදානම් වෙනවා.

* ඉතින් තුෂානි ලව් යූ බොස් කිය කිය වෙන්න ඇති මේ දිනවල කාලය ගත කරන්නේ?
ඒක තමයි. ඒ නිර්මාණයට පමණයි මේ වන විට මං රංගනයෙන් දායක වන්නේ. පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශයවීමට නියමිතයි. ඒ ගැන බලාපොරොත්තු තියාගෙන කාලය ගත කරනවා.

* තුෂානි රඟපෑ නිර්මාණ පෙළ මතක කළොත්?
ටෙලි නාට්‍ය වශයෙන් ගත්තොත් මොනර කිරිල්ලි, හිමහංසි, රජ දරුවෝ, අංකල් සෑම්, දියණියේ, අනන්තා, සප්තපාදි, ස්වර්ණපාලි, එතකොට නැති බැරි ටාසන්, ද්විත්ව, රන්සයුර, සුමි මම රඟපෑ චිත්‍රපට.

* මේ අතරින් ඔබ වඩාත් ජනප්‍රියත්වයට පත් කළේ?
කතා දෙකක් නැහැ මොනර කිරිල්ලි ටෙලි සිතුවමේ ටානියාගේ චරිතයෙන් මාව හුඟක් දෙනා හඳුනාගත්තා. තවමත් ටානියා කියලා මාව දැක්ක තැන ඇතැම් අය කතා කරනවා.

* ඇයි ඔබ රංගනයට පිවිසුණේ?
කලාව මගේ ඇඟේ තියෙනවා. කලාවට මං හරි ආදරෙයි. මට පුංචි කාලේ හිතිලා තියෙනවා කවදා හරි මං ජීවිතය දිනන්නේ කලාවෙන් කියලා. ඒ හින්දයි රංගනයට යොමු වුණේ.

* ගෙදරින් මොන වගේ සහායක් ද ඊට ලැබුණේ?
තාත්තා නම් කොහෙත්ම කැමැති වුණේ නැහැ රඟපානවට. නමුත් අම්මා මට සහාය දුන්නා. මේ වන විට පවුලේ සියලු සාමාජිකයින් මට උදව් කරනවා. ඒ මං කලාව හරියට කරන නිසා. ඇත්තෙන්ම කිව්වොත් මං කලාව පූජනීයත්වයෙන් අදහනවා.

* කෙතරම් දේවත්වයෙන් සැලකුවද කලාව එපාවෙන අවස්්ථාවන් තියෙනවා නේද?
එපා වෙනවා නෙවෙයි. අපේ මිනිස්සු විසින් කලාව එපා කරවනවා.

* කොහොමද එහෙම කරන්නේ?
හරි සරලයි. නිර්මාණයකට අපට ආරාධනා කරන ගමං වහෙන් ඔරෝ අයුතු යෝජනා දානවා. එතකොට එපා වෙනවා.

* එවන් යෝජනාවක් කරන බවට නිසැකවම දැනගන්නේ මොන අයුරින්ද?
ගොනා හැරෙද්දි දන්නවා අයියෙ මේ එන්නෙ පොල් පැලේ කන්න තමා කියලා. නිර්මාණය ගැන කියලා පසුව කියනවා ‘ඔයාගෙන් ඉතින් අපටත් ප්‍රයෝජනයක් තියෙනවනෙ නේද’ කියලා. එතකොට දන්නවා මේ අහන්නෙ නම් හොඳකට නෙවෙයි කියලා.

* එතකොට ඔබ මොකද කරන්නේ?
වෙන මොනවා කරන්නද, නිර්මාණය අතහැරලා දානවා.

* එලෙස ඔබ නිර්මාණ කීයක් අතහැරලා තියෙනවාද?
නාට්‍ය හයක් හතක් විතර.

* තුෂානි රංගනය හදාරනවාද?
ඔව්. මං මුලින්ම රවීන්ද්‍ර විජේරත්න මහත්මයගේ දුරුතු ක්‍රියේෂන් ආයතනයෙන් රංගනය ඉගෙන ගත්තා. පසුව අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවලට එකතු වුණා. වර්තමානයේදී මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ගාව රංගනය හදාරනවා.


* රඟපාල හම්බ වන මුදල් ඇති ද ජීවත්වීම සඳහා?
කොහෙත්ම නැහැ. අපිට හැමදාම වැඩ නැහැනෙ. ඉතින් වෙන ක්‍රමයක් අවශ්‍ය වෙනවා රඟපාන ගමන් මුදල් හොයන්න.

* ඔබත් එහෙමද?
ඔව්.

* ඔබ මොකක්ද පාවිච්චි කරන වෙන ක්‍රමය මුදල් හම්බ කරන්න?
මං සාරි ඩිසයින් කරනවා. 

* සමහර නව පරපුරේ නිළියන් සල්ලි තියෙන පිරිමි ළමයි එක්ක හාද වෙනවා ලාභ ප්‍රයෝජන තකා?
ඒ ගැන මමත් අහලා තියෙනවා.

* ඔබට එහෙම හිතිලා නැද්ද?
අනේ නැහැ. එහෙම හිතිලම නැහැ.

* නළුවකුගෙන් විවාහ යෝජනා ඇවිත් තියෙනවාද?
ඔව්. ඔව්, හැබැයි ඒ යෝජනා ලැබෙන පරක්කුවෙන්ම අහක දානවා.

* ඇයි ක්ෂෙත්‍රයේ අයව විශ්වාස නැද්ද?
එහෙම නෙවෙයි. යෝජානා නම් එන්න පුළුවන්. නමුත් ආදරයක් කියන දේ දැනෙන්න එපායැ. දැනෙන්නේ නැතුව කොහොමද යෝජනාවක් ආ පලියට එකඟ වන්නේ.

* තුෂානිට ආදර ජවනිකාවන් හොඳින් ඉදිරිපත් කිරීමට හැකි මොන වගේ නළුවන් එක්කද?
එහෙම නම් වශයෙන් මට කියන්න අමාරුයි. නිළියක් හැටියට විවිධ චරිත කරන්න ලැබෙනවනෙ. ඉතින් මං හිතනවා තරුණ වගේම වයසක නළුවො එක්ක වුණත් මට හොඳින් ආදර ජවනිකා කරන්න පුළුවන් වේවි කියලා.

* ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරුන් කවුද ඉන්නේ?
හොඳ නිර්මාණ කරන ඕනෑම අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට එකතුවන්න කැමැතියි. 

* තුෂානිගෙ ගම කොහෙද?
නුවර. වර්තමාන පදිංචිය බත්තරමුල්ල.

* ඉගෙන ගත්තේ?
නුවර සෙන්ට් ඇන්තනීස් කොන්වන්ට් එකෙන්.

* උපන් දිනය?
අනූ දෙකේ පළවෙනි මාසෙ පළවෙනිදා. ඒ කියන්නෙ ජනවාරි එක.

* මේ වන විට ඔබ පෙම්වතියක්ද?
නැහැ, හැබැයි පෙම්වතෙක් හිටියා. දැන් නැහැ.

* රඟපාන්න ගිහින් ලැබූ අමිහිරිම අත්දැකීම මොකක්ද?
එක්තරා නිර්මාණයකට මං ගියාම මට තවත් නිළියක් එක්ක එක කාමරයක ඉන්න වුණා. ඇය තරමක් අපිරිසුදු ජීවිතයක් ගත කළේ. මං ඇයට අවවාද කළා එහෙම ඉන්න එපා කියලා. මගේ අවවාද සැරකමටද මන්දා ඇයට කේන්ති ගියා. පහුවෙනිදා උදේ ඇය පිටත් වුණා. ඇය ගිහින් තියන්නේ මං නිදාගෙන ඉන්න වෙලාවේ මගේ කොණ්ඩෙත් කපලා.

No comments:

Post a Comment

Post Bottom Ad