“මහින්දට පස්සේ මම මට හොරෙන් සාකච්ඡා බෑ“ - වෙල්ගමගෙන් රතු එළියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

“මහින්දට පස්සේ මම මට හොරෙන් සාකච්ඡා බෑ“ - වෙල්ගමගෙන් රතු එළියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා නොකළ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට නොදන්වා එවැනි සාකච්ඡාවක් පැවැත්විය නොහැකි බවයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මහින්ද රාජපක්ෂ මහතා හැරුණු විට ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨ සාමාජිකයා තමන් බව හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් සූදානම් කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින අර්බුදය නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමු කිරීමට දෙපාර්ශවයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad