සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පිළිතුරු ලබා දී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල අසත්‍ය බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් ලෙස ඇයව පත්කර තිබුණද අමාත්‍යාංශය පැත්ත පළාතට නොඑන බවත්ය.
නමුත් සුසන්තිකා ජයසිංහ මහත්මියට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාසෙකට රුපියල් 60,000 ක වැටුපක් ගෙවන බවත් තමන්ගෙ රාජකාරියවත් හරියට නොකර මෙවැනි චෝදනා කරන්නේ කෙසේද යන්න තමාට ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “එයා ඔය ඔලිම්පික් පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්‌ට්‍රේලියා යන්න. අන්න ඒකයි හේතුව.
මෙයා එදා එස්. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක් කලක් ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්‌තුව වන ඔලිම්පික් පදක්‌කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඔලිම්පික් පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය සඳහන් කළාය.

No comments:
Post a Comment