ඉදිරියේදී රටේ සහල් හිගයක් ඇති වීමේ අවධානමක් මතුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන පවසනවා.
යල කන්නයේ වගාව සඳහා දළ වශයෙන් හෙක්ටයාර අටලක්ෂයක බිම් ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි ඔහු සඳහන් කළේ. ඉන් සියයට 50 ක පමණ ප්‍රමාණයක් වගාව සඳහා තෝරාගනු ලබනවා. කෙසේ නමුත් දිවයිනට බලපෑ ඇති කාලගුණික තත්වයත් සමග හෙක්ටයාර ලක්ෂ දෙකක ප්‍රමාණයක්වත් මෙවර වගා කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
සහල් හිඟයක් ඇතිවීමෙන් ඇතිවන අර්බුදය මග හරවාගැනීම සඳහා වෙනත් බෝග වගාවන් වෙත ගොවීන් යොමුවිය යුතු බවද ඔහු කියා සිටිනවා.
Sunday, June 4, 2017
සහල් හිගයක් එන බවට කෘෂිකර්මයෙන් ඉඟි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment