ආපදා මරණ 224 දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

ආපදා මරණ 224 දක්වා ඉහළට

පසුගිය දා ඇති වූ වැසි සහ නාය යාම් තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 224 ක් මියගොස් 78 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. පවුල් එක්ලක්ෂ 79,376 කට අයත් පුද්ගලයින් හයලක්ෂ 98 289 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියා සිටියේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 86 ක්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 65 ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 44 ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා. අයහපත් කාලගුණයෙන් මේ වනවිට නිවාස 2093 ක් සම්පූර්ණයෙන් හානිවී ඇති අතර, අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 11,056 ක්. එමෙන්ම ආරක්ෂිත ස්ථාන 225 ක පුද්ගලයින් 25,245 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad