අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සිදුකලේ තමන් බලයට ගෙන ඒමට මුල් වු සිවිල් සංවිධානවල හා පොදු ඉල්ලීමක් මත බවත් ඇතමුන් කරන ප්‍රකාශ ගැන තමා කණගාටු වන බවත් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කල බව ඊයේ (03) 'ලංකාදීප' පුවත්පත වාර්තා කොට ඇත.
පසුගිය දින කිහිපයේදිම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා දිගින් දිගටම පැවසුවේ තමන් ඇතුළු සිවිල් සංවිධාන එක්ව දූෂිත අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කල බවයි.
කෙසේවුවද, රවී කරුණානායක මහතා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා ඇත්තේ වෙබ්කරන කෙනෙක් ඇති බවත්, තමාට මුදල් අමාත්‍ය ධූරය අහිමිවීමට ඔහුගේ ක්‍රියා කලාපයන් හේතුවූ බවයි. “තව ඉන්නවා වෙබ් කරන කෙනෙක්. ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා. මේ ගොල්ලො දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටිය.”
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු මේ දිනවල "රවිගේ විශ්වාසභංගය" නමින් හිටපු මුදල් ඇමැතිවරයා සම්බන්ධව ග්‍රන්ථයක් සම්පාදනය කරමින් සිටින බව 'මව්බිම' පුවත්පත වාර්තා කරයි. හිටපු මුදල් ඇමැතිවරයා එම ධුරය දැරූ කාලයේදී සිදුකරන ලද බොහෝ ගනුදෙනු හා අක්‍රමිකතා රැසක් හා විවිධ තොරතුරු එම ග්‍රන්ථයට ඇතුළත් කරන බවත් ග්‍රන්ථයේ කර්තෘ මන්ත්‍රිවරයා 'මව්බිමට' පවසා ඇත.
Monday, June 5, 2017
රවී පැන්නුවෙත් වෙබ් කාරයෙක්?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment