උතුරේ ඇමැති අවුල විසඳු හැටි රෙජිනෝල්ඩ් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

උතුරේ ඇමැති අවුල විසඳු හැටි රෙජිනෝල්ඩ් කියයි

ලංකාවේ එක්සත්භාවයට හේතු වන්නේ ඉදිරියේදී මතුවන දේශපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.කේ. විග්නේෂ්වරන් මහතා ඊයේ (21) පුරප්පාඩු අමාත්‍යධූර දෙකක් වන කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

“අවුරුදු 30ක යුද්ධයක් තිබුන කාලේ මෙවැනි දේශපාලන ගැටළු අවසන් වූයේ ඛේදවාචකයකිනි. ජීවිත අහිමි කරගැනීමේ සන්නද්ධ ගැටළු සහ අරගල වලින්, ජීවිත විනාශ කරමින් දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවී තිබෙනවා. එහි වාසනාවන්ත ප‍්‍රථිපලයක් හැටියට ඒඒ පක්ෂ අතර ඒඒ නායකයන් අතර ඇතිවූ ගැටුම්, අරගල නිරාකරණය කරගැනීමට සාමකාමී පිළිවෙත් උතුරේ දැන් ක‍්‍රමානුකූලව ස්ථාපිත වෙමින් පවතිනවා.

මෙම සිද්ධිය සාමකාමී අවධියට පෙර සිදුවූවානම් විශාල ලේ වැගිරීමක් තමයි අපිට අත්විදින්නට වෙන්නේ. ඔවුන් මේ ගත් සාමකාමී තීරණය ගැන අතිගරු ජනාධිපතිතුමන්, මධ්‍යම ආණ්ඩුව සහ මම සතුටට පත්වෙනවා වගේම ආඩම්බර වෙනවා. ඉදිරියේදී මතුවන දේශපාලන ගැටළු මේ අයුරින් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම තමයි ශ‍්‍රී ලංකාවේ එක්සත්භාවයට හේතු වන්නේ. 

උතුරුකරයේ ප‍්‍රශ්න විතරක් නොව අනාගතයේ රටේ ඇතිවිය හැකි සියලූම ප‍්‍රශ්න වලට මෙවැනි විසඳුම් අප ප‍්‍රාර්ථනා කරනවා. සන්නද්ධ අරගල වලින් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානුෂික පියවරවල් හැටියට විසදා ගැනීමට පුළුවන් වේවි කියලා.“ යැයිද ආණ්ඩුකාරවරයා පැවසී ය. “මාහට සති ගණනක් තිස්සේ තිබූ මානසික අසහනය සහ ආතතිය තුරන් වී ගියා. පන්දුවෙන් පන්දුවට විස්තර විචාරය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩාව වගේ කරට කර දෙපැත්තෙන් ඇතිවූ විස්තර තොරතුරු මම කිරා බලමින්, මැන බලමින් බොහොම ඉවසීමෙන් කටයුතු කරලා තමයි සියල්ලම සිදු කෙරුවේ. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දී ඇති භෞතික ප‍්‍රතිපාදන අනුව තමයි කටයුතු කලේ. මා සියලූම කටයුතු කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නීත්‍යානුකූලව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. ඒ වගේම අවශ්‍ය මැදිහත්වීම් බලපෑම් කිසිවක් නොකර ඔවුන්ට මෙම ප‍්‍රශ්නය විසදා ගැනීමට ඉඩ දුන්නා. උතුරු පළාත් සභාවට බලය ඇත්තේ තව සීමිත දින ගණනක් පමණයි. මේ කාලය තුල දුක්විඳින ලක්ෂ ගණනක් ද්‍රවිඩ ජනතාවත් උතුරේ සියලූම ජනතාවටත් වැඩිවැඩියෙන් සංවර්ධන කටයුතු කිරීමට සේවය කරන්නට හැකියාව ලැබේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා.“ යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad