පෝයට මත්පැන් තහනම නිසා මත්පැන් භාවිතය වැඩිවෙලා - මුදල් ඇමැති නීති වෙනස් කිරීමේ සූදානමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

පෝයට මත්පැන් තහනම නිසා මත්පැන් භාවිතය වැඩිවෙලා - මුදල් ඇමැති නීති වෙනස් කිරීමේ සූදානමක

රටට විදේශ විනිමය ගෙනඑමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් යල්පැන ගිය නීති රීති ගැන යළි සිතා බැලිය යුතු බව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (22) පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරය මෙසේ ද පැවසී ය. “මත්පැන් බලපත්‍ර ගාස්තු අඩු කිරීමෙන් රජයේ ආදායමට කිසිදු බලපෑමක් නැහැ. අද මේ රටේ නීතිවිරෝධී මත් වතුර භාවිතය විශාල ප්‍රශ්නයක්. සියයට 61%ක් පමණ අද භාවිත කරන්නේ නීති විරෝධී මත් වතුර. නීතිවිරෝධි මත්වතුර වෙළඳාම වැඩිවන බව පැහැදිළියි. නීතිවිරෝධි මත්වතුර නිෂ්පාදනය අවම කිරීමට මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය නවීකරණය කරන්න හා සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා.“

“විවිධ උත්සව හේතුකරගෙන මත්වතුර විකිණීම තහනම් කිරීම නිසා නීතිවිරෝධී මත්වතුර භාවිතය වැඩි වෙනවා. බෞද්ධාගමට ගරු කිරීමක් ලෙස පොහොය දිනට මත්පැන් විකිණීමේ තහනම තිබුණට ප්‍රශ්නයක් නෑ. සංචාරක පරාදීසයක් හැටියට, විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තය දියුණු කරන්න යල්පැන නීති රීති ගැන යළි සිතා බැලිය යුතුයි.“ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පසලොස්වක පොහොය දිනයන්දි මත්පැන් අලෙවිසැල් වසා තැබීමෙන් මත්පැන් භාවිතය වැඩිවන බව හැගෙන්නේ යැයි මුදල් ඇමතිවරයා පැවසී ය. රටට නීති විරෝධී ලෙස මත් පැන් ගෙන ඒම අවම කිරීම සදහා වයින් හා බියර් මිල ගණන් සංශෝධනය කිරීමෙන් හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad