ගිරා බෙන කතාව නිසා ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් සිදුකෙරෙන ලකුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ගිරා බෙන කතාව නිසා ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක් සිදුකෙරෙන ලකුණු

පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ කරුණු පළකිරීමක් සම්බන්ධව කරුණු විමසීම සදහා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට කැඳවන්නට නියමිතව ඇතැයි වාර්තා පළවේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක‍්‍රීඩකයින්ට හිතුමතේ මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ නොහැකි බවද උප සභාපති කේ. මතිවානන් නැවත මතක් කර දී තිබේ. මේ දිනවල සභාපති තිලංග ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විදේශගතව සිටින නිසා මෙම කරුනු පැහැදිලි කිරීම ගැන ඔවුන් පැමිණි වහාම ලසිත් මාලිංගගෙන් නිදහසට කරුණු විමසන්නට බලාපොරොත්තු වන බවත් වාර්තාවේ.

චැම්පියන්ස් කුසලාන පරාජයෙන් පසු ඇමතිවරයාගේ ප්‍රකාශයන්ට එකට එක අදහස් පළකරමින් ලසිත් මාලිංග මෙසේ කියා තිබුණි.

‘ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දි රිලව් බෙණේ ඉන්නවා කියලා. මොකද ගිරවා තමයි දන්නේ බෙණේ හදන විදිහ. ගිරවට තමයි බෙණේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගිහාම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්. අපි එක බෝලයක් දාන්න බෝල 1000ක් විතර දාලා පුරුදු වෙන්න ඕන. තීරණයක් ගන්න තියෙන්නේ තප්පරයක් වගේ පොඩි කාලයක්. 


ඒ කාලෙදි ගන්න තීරණය හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හැබැයි පුටුවක් උඩ ඉඳගන එක එක විදිහට ඒ තීරණය කරකවලා තමන්ට වාසි වෙන විදිහට එක එක දේවල් කියන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ සාධාරණය නෙවෙයි. ඒ වගේ ලොකු කතා කියන්න කලින් යුතුකම් තියෙනවා නම් ඒවා ඉෂ්ඨ කරන්න. අවසිහියෙන් ක්‍රිකට් බලන අය කියන්න පුළුවන් බඩේ වැදිලා පන්දුව අතෑරුනා කියලා. නමුත් අපි දැකලා තියෙනවා. 

ලෝකයේ අංක එකේ තරුගකරුවන්ට පන්දු ගිලීහී යනවා. අවාසනාවකට එදා ඒ තරගයේ අවශ්‍ය වෙලාවක දි තමයි උඩ පන්දුව ගිලීහි ගියේ. මට ආරංචි උනා බඩ වැඩී, ඒවා මේවා ලොකු කතන්දර කියලා ක්‍රීඩකයන්ට බැණලා තිබ්බා කියලා. මේ ක්‍රීඩකයන් සැම දෙනාම දක්ෂතා දක්වලා තේරීම් කමිටුවක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සන මගින් තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගී උනේ එහෙමයි. අවසාන අනුමැතිය හම්බවෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාගෙන්.‘

No comments:

Post a Comment

Post Bottom Ad