පසුගිය මහ මැතිවරණයේදි ශ්‍රිලනිප බොහෝ දෙනාගේ අදහස වූයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකතුවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මහා මැතිවරණය ඉදිරිපත් වීය යුතු බවත්, ඒ අනුව තනි කණ්ඩායමක් ලෙස ශ්‍රිලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ මහින්ද රාජපක්ෂ අගමැති වී ප්‍රගතිශීලි ශ්‍රිලනිප ආණ්ඩුවක් හදා ගත යුතු බවයි.
මේ සඳහා දෙපාර්ශවයේම ප්‍රධාන පුද්ගලයින් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා එකඟතාවයට පැමිණ අතර ඒ අනුව 2016 අගෝස්තු 18 වෙනිදා එක් කණ්ඩායමක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රිලනිප නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක යටතේ සියලු දිස්ත්‍රික් සඳහා තරග කිරීමට අවසානයේදි දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණියේ ය.
එහෙත් මෙහිදී ජනාධිපති මෛත්‍රී විසින් මැතිවරණ සමයේදි පැහැදිලිව එජාප ට වාසි වන මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ආවසි වන අන්දමේ ප්‍රකාශ කිහිපයක්ම ප්‍රසිද්ධියේ කල අතර මැතිවරණ අත ලග තිබියදි ශ්‍රිලනිප මුලස්ථානය අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂට , සන්ධාන ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්තට හා ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සමස්ථ ක්‍රියාකාරින්ට ඇතුළු නොවන සේ ඉබි යතුරු දමා අවහිර කරන ලදි.
එමෙන්ම සන්ධාන ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්තට හා ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපගේ තනතුරු අහෝසි කරමින් වර්තමාන පලාත් සභා හා පාලත් පාලන ඇමති ෆයිසර් මුස්ථාපා ලවා අධිකරණ නියෝගයක් ලබා ගනිමින් නව ලේකම්වරු ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල පොදු ජන එක්සත් පෙරමුණ ලේකම් ලෙසත් දුමින්ද දිසානායක ශ්‍රිලනිප ලේකම් ලෙසත් මැතිවරණයට දින 3 කට පෙර රටේ මෙන්ම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය නොසලකමින් සිදු කලහ.
ශ්‍රිලනිප ප්‍රමුඛව ප්‍රගතිශීලි පක්ෂවලට දිනාගැනීමට තිබු මැතිවරණය එජාපයට වාසි වෙන ලෙස අවස්ථාව සලසා දි අවසානයේ සැබෑ ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයින් අතරමං කලහ. එසේ නොවන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතිව මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉතා පහසුවෙන් ආණ්ඩුවක් හැදිමේ අවස්ථාව හිමි වනු ඇත. එම වටිනා අවස්ථාවක් අහිමි කල පිරිසක් සමඟ නැවත සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණිම හරියටම පැරණි කියමනකට අනුව රෑ වැටිච්ච වලේ දවල් වැටීමක් බදුය.
එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛව කණ්ඩායමක් මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය තුල පසුගිය මහා මැතිවරණය සඳහා සාකච්ඡා කල අවස්ථාවක් දෙරණ ප්‍රවෘත්ති ඔස්සෙ විකාශනය වූ ආකාරය මෙතනින්
Sunday, June 4, 2017
Home
දේශපාලන පුවත්
මෛත්‍රී-මහින්ද හමුව නිසා එදා ශ්‍රිලනිපයට අගමැති ධූරයත්, ආණ්ඩුවත්, විපක්ෂ නායකකමත් අහිමි වුනා.. එය නැවත විය හැකිය.. එදා ජනතාව එම එකතුව බලාපොරොත්තු වුවත් අද ජනතාව කැමති නෑ..
මෛත්‍රී-මහින්ද හමුව නිසා එදා ශ්‍රිලනිපයට අගමැති ධූරයත්, ආණ්ඩුවත්, විපක්ෂ නායකකමත් අහිමි වුනා.. එය නැවත විය හැකිය.. එදා ජනතාව එම එකතුව බලාපොරොත්තු වුවත් අද ජනතාව කැමති නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment